පරිගණක ජාල
පරිගණක ජාලයක් හෝ, බොහෝවිට සරල ලෙසින් ජාලයක් ලෙසින් හෝ හැඳින්වෙන්නේ, පරිශීලකයන් අතර සන්නිවේදන පහසුකම් සලසන සහ සම්පත් බෙදාගැනුමට පරිශීලකයන්ට ඉඩ සලසන පරිදී සන්නිවේදන නාලිකා මගින් එකිනෙක සම්බන්ධ කර ඇති පරිගණක සහ උපකරණ සමූහයකි. ලක්ෂණයන්හී පුළුල් ප්‍රභේදයක් අනුව ජාල වර්ගීකරණය කළ හැක. එකිනෙක සම්බන්ධ කර ඇති උපකරණ අතර සම්පත් හා තොරතුරු බෙදාගැනුමට පරිගණක ජාලයක් ඉඩ සලසයි. මෙම ලිපියෙන් සිදුකෙරෙනුයේ එයින් සමහරක් මාදිලි හා වර්ගයන් පිළිබඳ සාමාන්‍ය සමාලෝචනයක් සිදුකිරීම සහ ජාලයක මූලික උපාංග පිළිබඳ පූර්වාබෝධයක් ලබාදීමයි. පරිගණක ජාලයකින් අවකාශ සැලසෙනුයේ, පරිගණකයන්ට තවත් බොහෝ පරිගණක සමග සන්නිවේදනයෙහි යෙදීමට සහ සම්පත් හා තොරතුරු හවුලේ බෙදා හදා ගැනුමට ය. ප්‍රගත පර්යේෂණ ව්‍යාපෘති කාර්යාංශය (DARPA|ARPA) හි මූල්‍ය අනුග්‍රහය යටතේ, එක්සත් ජනපද ආරක්‍ෂක දෙපාර්තමේන්තුවෙහි භාවිතය සඳහා "ප්‍රගත පර්යේෂණ ව්‍යාපෘති කාර්යාංශ ජාලය" (ARPANET) සැලසුම් කෙරිණි. එය ලොව පළමු ක්‍රියාකාරි පරිගණක ජාලය විය [1]. 1960 ගණන් වලදී ඇරඹුණු සැලසුම් මත පදනම් වෙමින්, ජාලයෙහි ප්‍රවර්ධන කටයුතු ඇරඹුණේ 1969දී ය. ජාල වර්ගිකරණය පහත සඳහ...







