අම්මා♥️
#අම්මා❤️
හුස්ම පොදට සමකර නුඹෙ ප්‍රාණෙ මගේ
රැක්කා තියාගෙන දස මාසයක් කුසේ
අපමණ වේදනා විඳිමින් දිවා රැයේ
පෙව්වා සෙනෙහෙ කිරිකර රුධිරයෙන් ඔබේ
පසළොස්වකට රෑ අහසේ පාන සඳ
මෙන් බබළනා මෑණියගේ රූ සිරිය
වේදනාව සඟවා හිත යට නිබඳ
සැනසුම් සුසුම් හෙලනා ලොව උතුම් ළඳ
හඬනා විටදී නැළවිලි ගී පන්ති ගොතා
මා නැලවුවා නුඹේ ගීයෙන් සවන් පිනා
දිවරෑ දෙකේ වෙහෙසී නුඹ නොගෙන නිදා
මා සුරැකියේ මම නුඹගේ හුස්ම නිසා
ආදරයේ උල්පත බඳු පදවි මවූ
සමකර සිටියෙ මෙන් නිවසක දෙවෙනි බුදූ
#කෙළවර_සොයා_සසරේ_උපදිනා_මතූ
#හැම_භවයෙදිම_වෙන්නද_මම_ඔබේ_පුතූ

Comments
Post a Comment