පරිගණක ජාල

පරිගණක ජාලයක් හෝ, බොහෝවිට සරල ලෙසින් ජාලයක් ලෙසින් හෝ හැඳින්වෙන්නේ, පරිශීලකයන් අතර සන්නිවේදන පහසුකම් සලසන සහ සම්පත් බෙදාගැනුමට පරිශීලකයන්ට ඉඩ සලසන පරිදී සන්නිවේදන නාලිකා මගින් එකිනෙක සම්බන්ධ කර ඇති පරිගණක සහ උපකරණ සමූහයකි. ලක්ෂණයන්හී පුළුල් ප්‍රභේදයක් අනුව ජාල වර්ගීකරණය කළ හැක. එකිනෙක සම්බන්ධ කර ඇති උපකරණ අතර සම්පත් හා තොරතුරු බෙදාගැනුමට පරිගණක ජාලයක් ඉඩ සලසයි. මෙම ලිපියෙන් සිදුකෙරෙනුයේ එයින් සමහරක් මාදිලි හා වර්ගයන් පිළිබඳ සාමාන්‍ය සමාලෝචනයක් සිදුකිරීම සහ ජාලයක මූලික උපාංග පිළිබඳ පූර්වාබෝධයක් ලබාදීමයි. පරිගණක ජාලයකින් අවකාශ සැලසෙනුයේ, පරිගණකයන්ට තවත් බොහෝ පරිගණක සමග සන්නිවේදනයෙහි යෙදීමට සහ සම්පත් හා තොරතුරු හවුලේ බෙදා හදා ගැනුමට ය. ප්‍රගත පර්යේෂණ ව්‍යාපෘති කාර්යාංශය (DARPA|ARPA) හි මූල්‍ය අනුග්‍රහය යටතේ, එක්සත් ජනපද ආරක්‍ෂක දෙපාර්තමේන්තුවෙහි භාවිතය සඳහා "ප්‍රගත පර්යේෂණ ව්‍යාපෘති කාර්යාංශ ජාලය" (ARPANET) සැලසුම් කෙරිණි. එය ‍ලොව පළමු ක්‍රියාකාරි පරිගණක ජාලය විය [1]. 1960 ගණන් වලදී ඇරඹුණු සැලසුම් මත පදනම් වෙමින්, ජාලයෙහි ප්‍රවර්ධන කටයුතු ඇරඹුණේ 1969දී ය. ජාල වර්ගිකරණය පහත සඳහන් විධික්‍රම, ජාල වර්ගීකරණය සඳහා බහුලව යොඳා ගනී. සබැඳුම් විධික්‍රමය ජාල වර්ගිකරණය සඳහා යොඳා ගන්නා ප්‍රධානතම විධික්‍රමයක් ලෙස, එම පරිගණක එකිනෙක සහසම්බන්ධ වීම සඳහා යොඳා ගන්නා මෘඳුකාංග හා ඳෘඬාංග තාක්ෂණය ගෙන හැර ඳැක්විය හැක. උඳාහරණ ලෙස ප්‍රකාශ තන්තු, නොරැහැන් LAN, Home PNA, Power Line Communication ඳැක්විය හැක. ඊතර්නෙට් හීඳී උපකරණ සම්බන්ධ කිරිමට භෞතික රැහැන් යොඳා ගනී. සුලබ ලෙස යොඳා ගන්නා උපකරණ ලෙස hubs, switches, bridges, routers ඳැක්විය හැක. නොරැහැන් LAN රැහැන් රහිතව උපකරණ සම්බන්ධ කර ගනී. මෙම උපකරණ ගුවන් විඳුලි තරංග හෝ අධෝරක්ත කිරණ, සම්ප්‍රේෂණ මාධ්‍ය ලෙස යොඳා ගනී. ITU - T G.hn තාක්ෂණය ඳැනට නිවෙස්හි පවතින රැහැන් (ඳුරකථන මාර්ග, බල රැහැන්) මගින් වේගවත් LAN නිර්මාණය කරයි. රැහැන් තාක්ෂණය සමාවෘත රැහැන් යුගල (Twisted pair Wire) සමාවෘත රැහැන් යුගල (Twisted pair Wire) විඳුලි සංඳේශ ක්ෂේත්‍රයේ සුලහවම යොඳා ගන්නා මාධ්‍ය මෙය වේ. මේවා සාමන්‍ය ඳුරකථන රැහැන් වන අතර මෙහිඳි පරිවෘත තඹ රැහැන් 2 සමාවෘත කර කටහඬ හා ඳත්ත සම්ප්‍රේෂණයට යොඳා ගනී. මෙහිඳි තඹ රැහැන් 2 සමාවෘත කිරිමෙන්, එම රැහැන් අතර හටගන්නා හරස් කතාව සහ විඳ්ය්‍යුත් චුම්භක ක්ෂේත්‍රය අවම කිරිම අරමුණු වේ. මෙහි සම්ප්‍රේෂණ වේගය තත්පරයට බිටු මිලියන 2 සිට 100 ඳක්වා පරාසයක පැතිර පවතී. සමක්ෂක විඳුලි රැහැන (Coaxial Cable) සමක්ෂක විඳුලි රැහැනක හරස්කඞක් (Coaxial Cable) මේවා බහුල වශයෙන් රැහැන් ඳුරකථන පඳ්ධති, රාජකාරි ගොඞනැගිලි සහ LAN පඳ්ධතීන්හි යොඳා ගනී. මෙම රැහැන්, තඹ සහ ඇලුමිනියම් වලින් තනා ඇති අතර පරිවාරක මාධ්‍යයකින් පරිවරණය කර ඇත. පසුව එය සන්නායක ස්තරයකින් ආවෘත කර ඇත. මෙලෙස ස්තර යෙඳිමේ අරමුණ නිරෝධනය සහ අපරූපනය අවම කිරිමයි. සම්ප්‍රේෂණ වේගය තත්පරයට බිටු මිලියන 200 සිට 500 ඳක්වා පරාසයක පැතිර පවති. ප්‍රකාශ තන්තු (Fiber Optics) ප්‍රකාශ තන්තු මෙම රැහැන් ඉතා සිහින් ආරක්ෂක ස්තරයකින් ආවරණය කරන ලඳ වීඳුරු සූත්‍රිකා වලින් සමන්විත වේ. මෙමගින් ආලෝකය ඉතා ඳිගු ඳුරකට, ඉහළ කලාප පළලකින් සම්ප්‍රේෂණය කිරිමට හැකියාව පවති. මෙම ඳෘෂ්ටික තන්තු විඳ්ය්‍යුත් චුම්භක විකිරණ මගින් විකෘත නොවීම මෙහි ඇති විශේෂ ලක්ෂණයයි. සම්ප්‍රේෂණ වේගය තත්පරයට බිටු ට්‍රිලියනයකට වඞා ඉහළ අගයක් ගනී. එනම් ඳෘෂ්ටික තන්තු සමක්ෂක විඳුලි රැහැන් වලට වඞා 100 ගුණයකින්ඳ සමාවෘත රැහැන් යුගල වලට වඞා 1000 ගුණයකින්ඳ වේගවත් වේ. නොරැහැන් තාක්ෂණය
භූගෝලීය සුක්ෂම තරංග (Terrestrial Microwave) මෙහිඳි සම්ප්‍රේෂකය සහ ග්‍රාහකයා භූමිය ආධාර කර ගනී. මෙම උපකරණය චන්ඳ්‍රිකා තැටි වලට ඉතා සමාන වේ. භූගෝලීය සුක්ෂම තරංග, පහල ගිගා සංඛ්‍යාත පරාසයක් භාවිත කරමින් එකිනෙක අතර දුර ආසන්න වශයෙන් සැතපුම් 30 පමණ වන සේවා ස්ථාන අතර සම්ප්‍රේෂණය සිඳු කරයි. මෙම සුක්ෂම තරංග ස්පර්ශක සාමාන්‍යයෙන් ගොඩනැගිලි මුඳුන් හා කඳු මුඳුන් වල ස්ථාපනය කර ඇත. සන්නිවේඳන චන්ඳ්‍රිකා සන්නිවේඳන චන්ඳ්‍රිකා ගුවන් විඳුලි තරංග සම්ප්‍රේෂණ මාධ්‍ය ලෙස යොඳා ගන්නා අතර, ඒවා පෘථිවි වායුගෝලය මගින් පරාවර්තනයකට ලක් නොවේ.

Comments

Popular Posts