තාත්තා♥️

හංග හංගා අතේ කර ගැට කදුළු නෑ කිසිදාක පෙන්නා.. දරුවෝ හිංදා රෑට රෑටත් ඇස් ඇරන් නොසැලීම උන්නා.. මහා නුග රුක් බුරුත ලෙස සම සමව හෙවණක් හැමට දුන්නා … කෙනෙක් උන්නා හුස්ම දෙන්නට තාත්තා යන නමින් දන්නා…. අව්ව වැස්සක් ගැන හිතන්නැති සිරුර හොඳටම දුකට පුරුදුයි.. කම්මලේ යකඩයක් වාගේ තැලි තැලී දිලිසෙන්නේ ඒකයි.. කියා දුක් ගිනි ඇවිළුණා නම් තාත්තත් අම්මෙක්ට සමමයි… අඬන තැන් වල නිහඬ වී නම් තාත්තෙක්ගේ වෙනස ඒකයි… පෙරා රුධිරය කිරට හරවා නැතත් පෙව්වට තන කිරි.. දහදියෙන් මුළු ඇඟම නහවා කාසී හෙව්වා මැරි මැරී.. දුවා දරුවන් රජුන් කරලා උතුම් මිනිසත් කම් පිරී පියවරුන් කිසිදාක හෙව්වද තම සතුට ගැන කොහේ හරි….

Comments

  1. Wow nice picture, your father as like actor

    ReplyDelete
  2. හරිම ලස්සන පදවැලක් කියවද්දි පපුව උණුසුම් ව හිත උණුවු වග දැනුණා.. ලස්සනයි හරිම අගෙයි දුව..සුබපැතුම් !

    ReplyDelete

Post a Comment

Popular Posts